වායුවල සාපෙක්ෂ අණුක ස්කන්ධය නිර්ණය කිරීම සඳහා පරිපූර්ණ වායු නියමය (සමීකරණය) යොදා ගන්නා ආකාරය මෙම පිළිතුරු විවරණය මඟින් පැහැදිලි කෙරේ. මෙම ප්රශ්නයේ දෙ වන කොටසට පිළිතුරු ලියන විට දී ඇති දත්ත භාවිතයෙන් අදාළ වායුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කළ යුතු ය. එම ගණනය කිරීම නිවැරදි ව සිදු කරන ආකාරය පැහැදිලි කර ඉන්පසු සිසුන් සිදු කරන පොදු වැරදි සඳහන් කර එම වැරදි මඟහරවා ගන්නා ආකාරය ද පැහැදිලි කෙරේ.
- වායු පරිපූර්ණ ලෙස හැසිරේ යැ යි උපකල්පනය කරමින් ඒවායේ සාපේක්ෂ අණුක ස්කන්ධය නිර්ණය කිරීම සඳහා පරිපූර්ණ වායු නියමය උපයෝගී කර ගන්නේ කෙසේ දැ යි පහදා දෙන්න.
- 270Cදී සහ පීඩනය 740 mm Hg යටතේ දී වායුවකින් 0.750 gක පරිමාව 0.632 dm3 ක් වේ. වායුව පරිපූර්ණ ලෙස හැසිරේ යැ යි උපකල්පනය කරමින් වායුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න.