මළ කෑ යකඩ ඇණයක් රසායනික විශ්ලේෂණය මඟින් ආරම්භයේ දී යකඩ ඇණයේ ස්කන්ධය නිර්ණය කරන ආකාරය පිළිබඳ මෙම ප්‍රශ්නයෙන් විග්රහ කෙරේ.
මළකඩ බැඳුණු පෘෂ්ටයක් ඇති (විඛාදනය වූ) සම්පූර්ණ ස්කන්ධය 0.30 g වන යකඩ ඇණයක්, 0.2 mol dm-3 H2SO4 50.0 cm3 ක සම්පූර්ණයෙන් ද්‍රවණය කරන ලදී. එසේ ලැබුණු ද්‍රාවණය සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීම සඳහා 0.02 mol dm-3 KMnO4 25.0 cm3 ක් අවශ්‍ය විය. මළකඩ සම්පූර්ණයෙන් ම ෆෙරික් ඔක්සයිඩ් ලෙස උපකල්පනය කළ හැකි ය.
- මළකඩ බැඳුණු යකඩ ඇණය, H2SO4හි ද්‍රවණය සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න.
- Fe(II) සහ KMnO4 අතර ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණයක් ලියන්න.
- විඛාදනය වීමට ප්‍රථම, යකඩ ඇණයේ ස්කන්ධය ගණනය කරන්න. (සාපේක්ෂ පරමාණුක ස්කන්ධ : O -16, Fe-56) (ලකුණු 6.0)