ලක්ෂණ සමාන මූලද්‍රව්‍ය වර්ග කිරීමට අතීතයේ සිට දරන ලද උත්සහයේ ප්‍රතිඵලය ආවර්තිතා වගුවයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පදනම් කරගෙන සකස් කළ ආවර්තිතා වගු පැරණි ආවර්තිතා වගු ලෙස ද පරමාණුක ක්‍රමාංකය පදනම් කරගෙන සකස් කළ ආවර්තිතා වගු නූතන ආවර්තිතා වගු ලෙස ද හැඳින්වේ.
පරමාණුක ක්‍රමාංකය පදනම් කරගෙන සකස් කළ ආවර්තිතා වගු බොහෝමයක් ඇතත් රසායන විද්‍යාව ඉගෙනීමේ දී සුදුසු යැ යි සැලකෙන්නේ නූතන ආවර්තිතා වගුවේ දීර්ඝ ආකාරයයි.
නූතන ආවර්තිතා වගුවේ දීර්ඝ ආකාරයේ මූලද්‍රව්‍ය ගොනු වශයෙන්, කාණ්ඩ වශයෙන් සහ ආවර්ත වශයෙන් වෙන්කර දක්වා ඇත. නූතන ආවර්තිතා වගුවේ එක ම කාණ්ඩයේ ඇති මුලද්‍රව්‍යවල රසායනික ලක්ෂණ බොහෝ සමාන ය. මෙම ප්‍රශ්නයෙන් විමසන්නේ සින්ක්වල රසායනික ලක්ෂණවලට බොහෝ සමාන රසායනික ලක්ෂණ ඇති මූලද්‍රව්‍ය කුමක් ද යන්නයි.
සින්ක්වලට වඩාත් ම සමාන රසායනික ගුණ ඇති මූලද්‍රව්‍යය වන්නේ,
- Ca
- Sr
- Pb
- Mg
- Cd