බහුඅවයවික නොයෙක් ආකාරයට වර්ග කෙරේ. බහුඅවයවික වර්ගීකරණයේදී භාවිතයට ගන්නා එක් නිර්ණායකයක් වන්නේ එම බහුඅවයවිකය තාපය කෙරෙහි දක්වන ප්රතිචාරයයි.
යම් බහුඅවයවිකයක් මත තාපය යෙදූවිට මෘදු වී සිසිල් වීමට ඉඩ හැරි විට නැවත ඝන බවට පත් වේ නම් එම බහුඅවයවික ය තාප සුවිකාර්ය බහු අවයවික යැයි නම් කෙරෙයි.
යම් බහුඅවයවික නිපදවන අවස්ථාවේදී රත් කිරීම සිදුකරන අතර සිසිල් වීමෙන් පසු ඝන බහුඅවයවිකය සෑදේ. එම බහුඅවයවිකය නැවත රත් කළ විට මෘදු නො වේ නම් එවැනි බහුඅවයවික තාප ස්ථාපන බහුඅවයවිකයක් ලෙස හැඳින්වේ.
පහත සඳහන් ඒවායින් තාපස්ථාපන බහු අවයවයක් වන්නේ කුමක් ද?
- පොලිස්ටයිරීන්
- පොලිවයනයිල්ක්ලොරයිඩ්
- පොලිඑතිලීන්
- යුරියා-ෆෝමැල්ඩිහයිඩ්
- ස්වභාවික රබර්