පරමාණුවක පවතින ඉලෙක්ට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන පවතියි යැ යි සැලකෙන කාක්ෂිකවල ගුණ ප්‍රකාශ කෙරෙන්නේ ක්වොන්ටම් අංක හතරක් මඟිනි. ඒවා ප්‍රධාන ක්වොන්ටම් අංකය (n), උද්දිගංශ ක්වොන්ටම් අංකය (l ), චුම්බක ක්වොන්ටම් අංකය (ml ) සහ බැමුම් ක්වොන්ටම් අංකය (ms) ලෙස නම් කෙරේ. මෙම ක්වොන්ටම් අංක පිළිබඳවත් ඒවා අතර පවතින සම්බන්ධතාවන් පිළිබඳ දැනුවත් භාවයත් මෙම ප්රශ්නය මඟින් විමර්ශනය කෙරේ.
ප්‍රධාන ක්වොන්ටම් අංකය (n), n=3 වන ශක්ති මට්ටම පිළිබඳ මින් කුමන වගන්තිය වැරදි වේ ද?
- එය හා සම්බන්ධ උපකවච 3ක් ඇත.
- එහි කාක්ෂික 9ක් ඇත
- එහි උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන 18ක් තිබිය හැකි ය
- එහි කෝණික ගම්‍යතා (උද්දිගංශ) ක්වොන්ටම් අංකය (l ), l = 2 සහිත ඉලෙක්ට්‍රෝන 10ක් උපරිම වශයෙන් තිබිය හැකි ය.
- එහි චුම්බක ක්වොන්ටම් අංකය (ml ), ml = 0 සහිත ඉලෙක්ට්‍රෝන 8ක් උපරිම වශයෙන් තිබිය හැකි ය.