වායු මවුල එකක් සඳහා වන වායු නියතය R යන සංකේතයෙන් නිරූපණය වන අතර සෑම පරිපූර්ණ වායුවක් සඳහා ම එක ම අගයයක් ගන්නා නිසා සර්වත්‍ර වායු නියතය යැ යි ව්‍යවහාර කෙරේ. මෙම බහුවරණ ප්‍රශ්නයෙන් වායු මවුල එකක් සඳහා වන වායු නියතය R හි අගය විමසනු ලැබේ. වර්තමානයේ දී නම් විභාග ප්‍රශ්න පත්‍රය ආරම්භයේ දී දත්තයක් ලෙස වායු මවුල එකක් සඳහා වන වායු නියතය Rහි අගය ලබා දෙනු ලැබේ. කෙසේ වෙතත් පදාර්ථයේ වායුමය අවස්ථාව පාඩමට අදාළ ප්‍රශ්න විශාල ප්‍රමාණයකට පිළිතුරු ලියු පසු සමාන්‍ය සිහි කල්පනාව ඇති දරුවෙක්ට අනිවාර්යෙන් ම වායු මවුල එකක් සඳහා වන වායු නියතය Rහි අගය මතකයේ රැඳෙනු ඇත.
R යන සර්වත්‍ර වායු නියතය,
- 8.314 J K-1
- 0.082 atm l mol-1
- 1.987 cal K-1
- 8.314 J K-1 mol-1
-
8.314 J mol-1