සංයෝගයක අඩංගු මූලද්‍රව්‍යවල ස්කන්ධ ප්‍රතිශතය දන්නා විට සංයෝගය ආනුභවික සූත්‍රයේ නිර්ණය කිරීමේ හැකියාව රසායනික ගණනය කිරීම් පාඩම ඉගෙන ගෙන අවසන් කළ සිසුන්ට තිබිය යුතු ය. එසේම සංයෝගයක ආනුභවික සූත්‍රය නිර්ණය කිරීමෙන් පසු එම සංයෝගය අණුක සූත්‍රය නිර්ණය කළ හැකි ආකාර ද දැන සිටිය යුතු ය. 1980 අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ තුන් වන ව්‍යුහගත රචනා ප්රශ්නයේ (a)කොටසින් සංයෝගයක අඩංගු මූලද්‍රව්‍ය ස්කන්ධ ප්‍රතිශතය දී ඇති විට සංයෝගයක ආනුභවික සූත්‍රය නිර්ණය කිරීමේ හැකියාවත් ඉන්පසු සංයෝගයේ අණුක සූත්‍රය නිර්ණය කිරීමේ හැකියාවත් විමර්ශනයට ලක් කෙරේ.
කාබනික සංයෝගයක කාබන් 41.0% ක්ද හයිඩ්රජන් 4.6%ක්ද ඔක්සිජන් 54.4% ක්ද තිබේ.
- සංයෝගයේ ආනුභවික සූත්‍රය කුමක් ද?
- සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය දළ වශයෙන් 180 ක් වේ. සංයෝගයේ අණුක සූත්‍රය කුමක් ද?