රසායන විද්‍යාව ඉගෙනීමේ දී භාවිතයට ගන්නා නූතන ආවර්තිතා වගුවේ දීර්ඝ ආකාරය ගොනු වශයෙන් හෝ කාණ්ඩ වශයෙන් හෝ ආවර්ත වශයෙන් හෝ මූලද්‍රව්‍ය වර්ග කර අධ්‍යයනය කළ හැකි ය. මූල ද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සලකා බලමින් එම මූල ද්‍රව්‍ය අයත්වන ගොනුව හඳුනාගැනීමේ හැකියාව තිබිය යුතු ය.
- මුලද්‍රව්‍යයක් අයත් වන ගොනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව නිර්ණය කිරීමේදී පළමුවෙන්ම කළ යුත්තේ අදාළ මූලද්‍රව්‍යයේ උදාසීන පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීමයි.
- එම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව අවසාන ඉලෙක්ට්‍රෝනය එකතු වන උප ශක්ති මට්ටමෙන් අදාල මූලද්‍රව්‍යයේ ගොනුව ලැබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ රසායන විද්‍යා විෂය නිර්දේශයට අදාළ ව විශේෂයෙන් අධ්‍යයනය කරන d-ගොනුවේ මූලද්‍රව්‍ය වන්නේ 3d මුලද්‍රව්‍යයන් ය.
ආවර්තිතා වගුවේ d- ගොනුවට අයත් නො වන මූලද්‍රව්‍ය වන්නේ,
- Cu
- Mn
- Fe
- Se
- Zn