2021 බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පළමු වන ප්රශ්නය පරමාණුක ව්‍යුහය ඒකකයට අදාළ ව කැතෝඩ කිරණ ගැන අප ඉගෙන ගත් කරුණුවල මතකය පිළිබඳ විමසා බලන ප්රශ්නයකි. මෙම ප්‍රශ්නයට පිළිතුරු ලිවීම සඳහා කැතෝඩ කිරණවල ගුණ පිළිබඳවත් ධන කිරණ සෑදෙන ආකාරය පිළිබඳ ඉදිරිපත් කර ඇති පැහැදිලි කිරීමත් දැන සිටිය යුතු ය.
කැතෝඩ කිරණ නළයක නිරීක්ෂණය කරන ලද කැතෝඩ කිරණ ආශ්රිත අංශු සම්බන්ධ ව නිවැරදි වගන්තිය තෝරන්න.
- අංශුුවලට ආරෝපණයක් නොමැත.
- ඒවා ඇනෝඩයේ සිට කැතෝඩය දක්වා සරල රේඛා ඔස්සේ ගමන් කරයි.
- ඒවායේ ආරෝපණය සහ ස්කන්ධය අතර අනුපාතය (e/m) කැතෝඩ කිරණ නළය තුළ ඇති වායුවෙහි ස්වභාවය සහ පීඩනය මත රඳා පවතියි.
- ඒවායේ ගමන් දිශාවට චුම්බක සහ විද්‍යුත් ක්ෂේතු බලපායි.
- ඒවාට කැතෝඩ කිරණ නළය තුළ ඇති වායුව අයනීකරණය කිරීමේ හැකියාවක් නොමැත