Chemistry Model/Prototype Paper එකට පිළිතුරු ලියමු.
2019 ඉඳලා අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන්නේ 2017 දී හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුකූලවයි. නව විෂය නිර්දේශයට අදාළ ව විභාග දෙපාර්තමේන්තුව මූලාකෘති ප්‍රශ්න පත්‍ර නිකුත් කරලා තියෙනවා. දූවලා පුතාලට පුළුවන් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් සයිට් එකට ගිහිල්ලා රසායන විද්‍යාවට අදාළ මූලාකෘති ප්‍රශ්න පත්‍රය download කරගන්න.
විභාග දෙපාර්තමේන්තුව මූලාකෘති ප්‍රශ්න පත්‍ර අඩංගු වෙබ් පිටුවට යන්න මෙතැන click කරන්න.

ලැබෙන වෙබ් පිටුවේ Prototype Questions කියන tab එක click කරන්න.

දැන් ඒ වෙබ් පිටුවේ පහළට ගිහිල්ලා Structure of Question Papers and Prototype Questions 2019 and afterwards of G.C.E.(Advanced Level) Examination කියන කොටසෙ V1 (පළමු වෙනි වෙළුම - Volume 1) කියල තියෙන තැන ප්‍රශ්න පත්‍රය අවශ්‍ය මාධ්‍ය අනුව English, Sinhala, Tamil මත click කරන්න. Volume one කියන කොටසෙ තමයි රසායන විද්‍යාවට අදාළ මූලාකෘති ප්‍රශ්නපත්‍රය තියෙන්නේ.

පළමු වෙනි වෙළුමට (Volume-1) කියන කොටසේ රසායන විද්‍යාවට අමතරව භෞතික විද්‍යාව, ගණිතය, කෘෂි විද්‍යාව, සංයුක්ත ගණිතය සහ උසස් ගණිතයට අදාල මූලාකෘති ප්‍රශ්න පත්‍රත් අඩංගු වෙනවා.
ඊට පස්සේ රසායන විද්‍යාව මූලාකෘති ප්‍රශ්න පත්‍රය අවශ්‍ය නම් ප්‍රින්ට් කරගන්න. ඒත් කඩදාසි භාවිතය අවම කිරීම සඳහා ප්‍රින්ට් කිරීමක් කරන්න නැතුව pdf file එක open කරගෙන ප්‍රශ්න පත්‍ර දිහා බලාගෙන උත්තර ලියන්න පුළුවන් නම් වඩා හොඳයි.
රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු වන කොටසට (බහුවරණ ප්‍රශ්න පත්‍රයට) නියමිත කාලය පැය දෙකක් කියලා දුවලා පුතාලා දන්නවා නේ ද? පැය දෙකක කාලයක් එක දිගට පිළිතුරු ලිවීමට හැකි අවස්ථාවක් තෝරාගන්න. කටු වැඩ කඩදාසි, පෑන්, පැන්සල්, මකන ළඟට ගන්න. වතුර බෝතලේකුත් ලඟින් තියාගන්න. ගෙදර අයට කියන්න ඒ පැය දෙක ඉවර වෙනකල් කතා කරන්න එපා කියලා. පැය දෙක ඉවර වෙනකල් කිසිම හේතුවකට නැගිටින්න එපා. අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ රසායන විද්‍යාව පලවෙනි කොටසට පිළිතුරු ලියනවා කියන හිතාගෙන මූලාකෘති ප්‍රශ්න පත්‍රයේ පළමු වන කොටසට පිළිතුරු ලියා ගෙන යන්න. අවශ්‍ය කටුවැඩ කටු වැඩ කොළේ කරන්න. පිළිතුරු විවරණය අවසන් වනතුරු කටු වැඩ කොළේ විසි කරන්නේ නැතුවතියාගන්න.
වැදගත් දෙයක් : පිළිතුරු ලියන වෙලාවේ දී මේසේ උඩ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට අදාළ දේවල් හැර ඒ කියන්නේ විභාග ශාලාවට රැගෙන යන දේවල් හැර වෙන කිසි දෙයක් තියාගන්න එපා. ගණක යන්ත්‍ර - calculators, ජංගම දුරකතන - mobile phones, මකන දියර - correcting fluid/Tipex මේසය උඩ තියෙන්න බෑ.
උගන්නලා නැති/ ඉගෙන ගෙන නැති පාඩම්වලින් ප්‍රශ්න තිබුණොත් මොකද කරන්නේ?
එතකොට ඒ ප්‍රශ්නය අතාරින්න. හැබැයි අතාරින හැම බහුවරණ ප්‍රශ්නයක් වෙනුවෙන් ම විනාඩි දෙකක් අඩු කරන්න ඕනේ.
මෙහෙමයි. අපි හිතමු උදේ 9.30ට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න පටන් ගත්තේ කියලා. එහෙම නම් 11.39ට උත්තර ලියලා ඉවර කරන්න ඕනේ. අතහරින ප්‍රශ්නයක් ලැබුණාම විනාඩි දෙකක් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ 11.28ට උත්තර ලියලා ඉවර කරන්න ඕනේ. තව ප්‍රශ්නයක් අත්හරින කොට තව විනාඩි දෙකක් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ 11.26ට පිළිතුරු ලියලා ඉවර කරන්න ඕනේ. මේ විදියට තමයි කාලය කළමනාකරණය කරගන්නේ.
පැය දෙක අවසාන වෙන කොට උත්තර ලියලා ඉවර කරන්න බැරි වුණු ප්‍රශ්නවලට උත්තර අනුමාන ලෙස (කණාවට) ලකුණු කරන්න.
ඊට පස්සේ amila.click වෙබ් සයිට් එකේ මූලාකෘති ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු තියෙන වෙබ් පිටුවට යන්න. නැත්නම් මෙතන click කරන්න.

දැන් පළමු වන බහුවරණ ප්‍රශ්නයේ පිළිතුර බැලීමට View Answer කියන button එක click කරන්න. එතකොට දුවලා පුතාලාට පිළිතුරු විවරණය Youtube video එකක් විදියට බලා ගන්න පුළුවන්.
පළමු වන ප්‍රශ්නයට අදාළ විවරණ බලලා උත්තරය ගත්තේ හරි විදියට ද කියලා බලන්න. අමතක වෙලා තියෙන විෂය කොටස් මතක් කරගන්න සටහන් පොත් බලන්න. අදාළ විෂය කරුණු සටහන් පොතේ තියෙනවා ද කියලා බලන්න. අන්තිමට තමයි උත්තරය හරිද වැරදි ද කියලා ලකුණු කරන්නේ.
මේ විදියට දෙවෙනි ප්‍රශ්නයේ විවරණය බලන්න. ඊළගට තුන්වැනි ප්‍රශ්න ය විදියට සියලුම ප්‍රශ්වල පිළිතුරු විවරණ බලන්න.
වැදගත් වෙන්නේ උත්තරය හරිද වැරදි ද කියලා ලකුණු කරන එක නෙවෙයි. විවරණය බලලා විෂය කරුණු මතක් කර ගන්න එකයි. හරි ක්‍රම මොනවාද කියලා දැන ගන්න එකයි කියලා මතක තියාගන්න.
මූලාකෘති ප්‍රශ්න පත්‍රයේ පළමු වන කොටසට ලැබුණු ලකුණු ප්‍රමාණය දැන් බලාගන්න පුළුවන්.
පිළිතුරු විවරණ බලනකොට සටහන් පොත් බලලා විසඳාගන්න බැරි වුණු ප්‍රශ්න රසායන විද්‍යා ගැටලු පසුගිය විභාග ප්රශ්න වලට පිළිතුරු ලියන්නන්ගේ සංසදය ගෲප් එකේ පලකරන්න.
AMILAGuru රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නන්ගේ සංසදය Telegram Group එකට යන්න මෙතැන click කරන්න.
AMILAGuru රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නන්ගේ සංසදය Facebook Group එකට යන්න මෙතැන click කරන්න.
එතකොට මට පුළුවන් ඒ ගැටලු විසඳාගන්න දුවල පුතාලට උදව් කරන්න.
හරි දැන් අපි රසායන විද්‍යාව පළමුවෙනි කොටසට පිළිතුරු ලියලා ඉවර කළා. දැන් අපි දෙවැනි කොටසට පිළිතුරු ලියමු.
එක දිගට පැය තුනක් පිළිතුරු ලිවීමට සුදුසු අවස්ථාවක් තෝරාගන්න. ඒ පැය තුන අවසන් වෙනකල් නැගිටින්නේ නැතුව ඉන්න ඕනේ.
රසායන විද්‍යාව දෙවෙනි කොටස (A), (B) සහ (C) විදිහට කොටස් තුනක් තියෙනවා. (A) කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න හතරක් තියෙනවා. ඒ ප්‍රශ්න හතරටම පිළිතුරු ලියන්න ඕනේ. (B) කොටසට සහ (C) කොටසට රචනා ප්‍රශ්න තුන බැගින් තියෙනවා. අපි එක එක කොටසින් ප්‍රශ්න දෙක ගාණේ තෝරා ගෙන උත්තර ලියන්න ඕනේ.
රසායන විද්‍යාව දෙ වැනි කොටසට පිළිතුරු ලිවීමට ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒවා තමයි,
- ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට ඉස්සෙල්ලා පිළිතුරු ලියලා පස්සේ රචනා ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම
- රචනා ප්‍රශ්නවලට ඉස්සෙල්ලා පිළිතුරු ලියලා ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට පස්සේ පිළිතුරු ලිවීම
මේ ක්‍රම දෙකෙන් හරි ක්‍රමය මොකක් ද?
මේ දෙකෙන් තමන්ට හරියන ක්‍රමය හමන් හොයාගන්න ඕනේ. ගුරුවරු කියන්නේ ඒ ඒ ගුරුවරුන්ට හරිගිය ක්‍රමය. ඒක තමන්ට හරියන නොයන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඉස්සෙල්ලා ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට පිළිතුරු ලියලා බලන්න. තව ප්‍රශ්න පත්‍ර කීපයක් ඉස්සෙල්ලා රචනා ප්‍රශ්නවලට පිළිතුරු ලියලා ලියල බලන්න. එතකොට වැඩියෙන් ලකුණු ලැබෙන, ප්‍රශ්නවලට හොඳට පිළිතුරු ලියන්න පුළුවන් වෙනවා කියලා දැනෙන කමය තෝරාගන්න. වරදින්නේ නැතුව හරි ක්‍රමය හොයාගන්න බෑ කියල දූල පුතාලා මතක තියාගන්න ඕනේ.
වරදින එකත් හරියන එකේ ම කොටසක්.
දැන් තෝරාගත්ත ක්‍රමයට පිළිතුරු ලියන්න. ව්‍යුහගත-රචනා ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න නියමිත කාලය විනාඩි 15යි. ව්‍යුහගත-රචනා ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න පටන් අරගෙන විනාඩි 15 ක් ගත වෙනකොට උත්තර ලියමින් ඉන්න ප්‍රශ්නයේ උත්තර ලියන එක නතර කරලා ඊළඟ ප්‍රශ්නයට උත්තර ලියන්න පටන් ගන්න.
විනාඩි දහයක් ඇරගෙන රසායන විද්‍යාව දෙ වැනි කොටසේ (B) කොටසේ සහ (C) කොටසේ තියෙන ප්‍රශ්න කියවලා උත්තර ලියන්න පුළුව ප්‍රශ්න දෙක ගාණේ තෝරා ගෙන න්න. රචනා ප්‍රශ්න තෝරා ගෙන ඉවර වෙලා ලියන්න පටන් ගන්න. දැන් විභාගයේ දී ප්‍රශ්න කියවන්න වෙන ම වෙලාව ලැබෙනවා. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.
රචනා් ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට වෙන් කළ යුතු කාලය විනාඩි තිහයි. රචනා ප්‍රශ්නයකට පිළිතුරු ලියාගෙන යනකොට විනාඩි විස්සක් විතර ගත වුණා ම කල්පනා කරල බලන්න මේ ප්‍රශ්නයට විනාඩි 30ක් ඇතුලත පිළිතුරු ලියලා ඉවර කරන්න පුළුවන් වගේද කියලා. ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න විනාඩි තිහකට වඩා සෑහෙන්න වැඩි කාලයක් ගත වෙනවා වගේ පේනවා නං විනාඩි 20 ගත වෙනකොට ඒ ප්‍රශ්නයට පිළිතුරු ලිවීම නතර කරලා ඊළඟ ප්‍රශ්නයට පිළිතුරු ලිවීම පටන් ගන්න.
ප්‍රශ්නයක් අතහැරලා යෑමත් ප්‍රගුණ කළ යුතු කලාවක් කියලා දුවලා පුතාලා මතක තියාගන්න ඕනේ.
සෑම ප්‍රශ්නයකටම, ඒ කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න හතරටත් රචනා ප්‍රශ්න හතරකටත් පැය තුන ඇතුළත පිළිතුරු ලියලා අවසාන කරන්න උපරිම උත්සාහ කරන්න. දැන් අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී ප්‍රශ්න කියවීම සඳහා අතිරේක ව කාලය ලැබෙන නිසා පැය තුනකට වඩා ටිකක් වැඩි කාලයක් ගත්තට කමක් නැහැ. ඒත් මම නම් කියන්නේ පුහුණු වෙන අවස්ථාවේදී පැය තුනක් ගත වුණා ම පිළිතුරු ලිවීම නතර කරන්න කියලයි.
පුහුණුව දුෂ්කර වෙන තරමට ප්‍රතිඵල ඉහළයි.
ඊ ළඟට දුවල පුතාලට කරන්න තියෙන්නේ amila.click වෙබ් සයිට් එකට ගිහිල්ලා මූලාකෘති ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ ප්‍රශ්නවල පිළිතුරු විවරණ අනුපිළිවෙලින් බලන එක. මෙතැන click කරලා පිළිතුරු විවරණ බලන්න පුළුවන්.
ඒ විදිහට පිළිතුරු විවරණ බලනකොට පියවරෙන් පියවර ලකුණු යොදාගන්න. වැරදි රතු පෑනකින් සටහන් කරන්න. අමතක වුණු විෂය කොටස් සටහන් පොත් බලලා මතක් කරගන්න.
විවරණ ඔක්කොම බලලා ඉවර කළාට පස්සේ ලකුණු එකතු කරන්න. එතකොට රසායන විද්‍යාව දෙ වැනි කොට සඳහා ලකුණු ලැබෙන්නේ දාහෙන්. දෙ වැනි කොටසේ ලකුණු එකතුව විස්සෙන් බෙදලා පනහෙන් ලැබෙන ලකුණු ප්‍රමාණය කීයද කියලා බලන්න. ඊට පස්සෙ පළවෙනි කොටසට ලැබුණු ලකුණුවලට දෙවැනි කොටසට ලැබුණු ලකුණු එකතු කරලා සමස්ත ප්‍රශ්න පත්‍රයට ලැබෙන ලකුණු ගණන ලබාගන්න. ඒ අනුව ලැබෙන සාමාර්ථය තීරණය කරන්න පුළුවන්.
A : ලකුණු 75-100
B : ලකුණු 65-74
C : ලකුණු 55-64
S : ලකුණු 35-54
F : ලකුණු 0-34
දැන් වැඩ ඉවරයි කියල හිතන්න එපා. අපි (B) කොටසේ සහ (C) කොටසේ ප්‍රශ්න එක බැගින් අතෑරියා. ඊළඟට කරන්න ඕනේ පැයක් ඇතුළත විනාඩි 30 බැගින් වෙන්කරගෙන ඒ ප්‍රශ්න දෙකටත් පිළිතුරු ලියලා ලකුණු යොදලා බලන එක. එහෙම කරන්නේ සමහර වෙලාවට අපි පිළිතුරු ලිවීමට තෝරා නොගත්ත ප්‍රශ්නවලට තෝරාගත්ත ප්‍රශ්නවලට වඩා හොඳින් පිළිතුරු ලීවීමේ හැකියාව තියෙන්න පුළුවන්. ඒ ගැන හරියට ම දැන ගන්න අපි තෝරා නොගත්ත ප්‍රශ්නවලටත් උත්තර ලියලා බලන්න ඕනේ.
තෝරාගත්ත ප්‍රශ්නවලට වඩා තෝරා නොගත්ත ප්‍රශ්නවලට වැඩිපුර ලකුණු ලැබෙනවා වගේ නම් ඒකේ තේරුම ප්‍රශ්න තෝරා ගැනීමේ හැකියාවේ ගැටලුවක් තියෙනවා කියන එක. ඊළඟට ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන වෙලාවෙදි ප්‍රශ්න තෝරා ගැනීම ගැන ඊට වඩා සැලකිල්ලක් දක්වන්න.
උත්තර ලියන්න විතරක් නෙවෙයි ප්‍රශ්න තෝරා ගන්නත් පුහුණු වෙන්න ඕනේ.
අපි මූලාකෘති ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලියලා ඉවර කළා. පිළිතුරුවල විවරණ බැලුවා. වැරදි නිවැරදි කළා. අමතක වෙච්චි විෂය කරුණු මතක් කර ගත්තා. මේ වැඩ සේරම ඉවර කරන්න අඩුම වශයෙන් පැය 20ක් වත් යනවා. දවස් දෙකක් විතර යනවා මේ වැඩේ හරියට කරන්න. දැන් මේ වැඩේ සදහා දුවලා පුතාලාට ගත වෙච්චි කාලය බලලා ඒ අනුව අදහසක් ගන්න පුළුවන් ඒ වැඩේ හරියට කළා ද නැද්ද කියලා?
ඊ ළඟට මොකද කරන්න ඕනේ?
ඊළඟට අපි කරන්න ඕනේ මේ විදිහටම තවත් ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියලා බලන එක. එතකොට තමයි ක්‍රමයෙන් අපි දියුණු වෙන්නේ. අපි 2019 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා ලැබුණු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා බලමු.