අ.පො.ස. (උසස් පෙළ) විභාග ජයග්‍රහණය : අයින්ස්ටයින්ගෙන් පාඩමක්

"උමතුව : එකම දේ නැවත නැවතත් කිරීම සහ විවිධ ප්රතිඵල අපේක්ෂා කිරීම." - ඇල්බට් අයින්ස්ටයින්

අ.පො.ස. (උසස් පෙළ) විභාග ජයග්‍රහණය : අයින්ස්ටයින්ගෙන් පාඩමක්

ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා කියන්නේ බුද්ධියේ සංකේතයක්. බටහිර භෞතික විද්‍යාඥයින් අතරින් ඉහළ ම බුද්ධිමත් විද්‍යාඥයා විදිහට බෝහෝ විට හඳුන්වන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්ව තමයි.


Insanity : Doing the same thing over and over again and EXPECTING different results

ඉහතින් දැක්වෙන්නේ අයින්ස්ටයින්ගේ ප්‍රසිද්ධ කියමනකි. සිංහල පරිවර්තනය අපට මෙසේ දැක්විය හැකි ය.


උමතුව : එකම දේ නැවත නැවතත් කිරීම සහ විවිධ ප්රතිඵල අපේක්ෂා කිරීම.

වර්තමාන තරඟකාරී විභාග ලෝකයට පමණක් නො ව ජිවිතයේ සෑම අංශකයකට මේ කියමන වැදගත් වන බව මඳක් විශ්ලේෂණය කළ විට ඔබට පැහැදිලි වනු ඇත. මෙම ලිපියෙන් අපි අ.පො.ස. (උසස් පෙළ) වැනි තරඟකාරි විභාගවලින් සාර්ථක වීමට අවශ්‍ය උපාය මාර්ග සහ මානසිකත්වය පිළිබඳ අයින්ස්ටයින්ගේ උපුටා දැක්වීම ඇසුරෙන් ගවේෂණය කරමු.


පුනරාවර්තන රටා

I. වැරදි අධ්‍යයන දින චර්යාව

තරඟ විභාග සඳහා සූදානම් වීම බොහෝ සිසුන් සිදු කරන්නේ ශරිරයට සහ මනසට දැඩි වෙහෙසක් දැනෙන පරිද්දෙනි. බොහෝ සිසුහු උදැසන සහ දහවල් කාලයෙන් වැඩි කාලයක් නිකරුණේ ගත කර රාත්‍රී කාලයෙන් තම අධ්‍යයන කටයුතු නිම කිරීමට උත්සහ කරති. මධ්‍යයම රාත්‍රියක ද පසු කර නින්දට වැටුණු විට පසු දින අවදි වන්නේ දැඩි වෙහෙසක් සමගිනි. ඒ නිසා නැවතත් උදෑසන සහ දහවල් කාලය නාස්ති කොට අපහසුවෙන් රාත්‍රී කාලයේ අධ්‍යයන කටයුතු සිදු කරති. වැරදි දින චර්යාවක් කොපමණ කාලයක් තිස්සේ අනුගමනය කළ ද අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් අත් නො වේ.


II. හුරුපුරුදු විෂය කොටස්වල සුවපහසුව සෙවීම

බොහෝ අපේක්ෂකයින් තමන්ට හුරුපුරුදු, හොඳින් මතක ඇති විෂය කොටස් නැවත නැවතත් අධ්‍යයනය කිරීමෙන් සැනසීමක් ලබයි. ඒ වගේ ම තවත් සමහර අපේක්ෂකයෝ එක ම ප්‍රශ්නවලට නැවත නැවත පිළිතුරු ලියති. මේ පුරුද්ද නව විෂය කොටස් ඉගෙන ගැනීමට සහ නව අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීමේ හැකියාවට බාධාවක් විය හැකි ය.


III. ආශ්‍රය (මිතුරන්)

සාමාන්‍ය මිනිස් ස්වභාවය හුරුපුරුදු අය සමඟ රැඳී සිටීමට අපව නැඹුරු කරයි. අපි වැඩිපුර ආශ්‍රය කරන අය (මිතුරන්/ගුරුවරුන්/ඥාතීන්) අපගේ ඉලක්ක සමග සමපාත නො වේ නම් ඒ ආශ්‍රය නිසා අප අපගේ ඉලක්ක වෙත ලඟා වීම අපහසු කරයි. විශේෂයෙන් ම තරඟ විභාගයක මුහණු දෙන විට දැනට ආශ්‍රය කරන අයගෙන් උපකාරයක් නො ලැබුණත් අප යොමුවන්නේ ඔවුන් ව ම ආශ්‍රය කරමින් වඩා හොඳ විභාග ප්‍රතිඵලයක් ලබා ගැනීමටයි. එය උමතුවක් නො වන්නේ ද?


IV. විභාග කනස්සල්ල සමග ජිවත් වීම

තරඟ විභාග බොහෝ විට කාංසාව සහ බිය ඇති කරයි. කාංසාව සහ බිය සමග අපට උපරිම අවධානයක් යොමු කරමින් අධ්‍යාපන කටයුතු සිදු කිරීම අපහසු වේ. එහෙත් බෝහෝ අපේක්ෂකයෝ කාංසාවට සහ බියට හුරු වී සිටිති.


උමතුව ජය ගැනීම

අපි දැන් එකම දේ නැවත නැවත කරමින් වෙනස් ප්‍රතිඵල ලැබීමේ අපේක්ෂාවෙන් මිදෙන ආකාරය සලකා බලමු.


I. වැරදි වලින් ඉගෙනීම

අයින්ස්ටයින්ගේ උපුටා දැක්වීම අනුව යම් වැරදි ප්‍රතිඵලයක් නැවත නැවත ලැබෙන විට අප සොයා බැලිය යුත්තේ එක ම හේතුවක් මේ වැරදි ප්‍රතිළුලයට හේතු වන්නේ ද යන්නයි. එසේ නම් වහාම ප්‍රතිඵලය වෙනස් කිරීමට අප කරන දේ වෙනස් කළ යුතු ය.


...

II. නව්‍ය නිර්මාණාත්මක අධ්‍යයන ක්‍රම

තරඟ විභාගවලින් සාර්ථක වීමට අපේක්ෂකයින් නව්‍ය අධ්‍යයන ක්‍රමවේද වැලඳ ගත යුතුය. විභාගයට සූදානම් වීමේදී අපි නිර්මාණශීලීව විභාගයට සූදානම් විය යුතු ය.


III. නොපසුබට උත්සාහය

පුනරාවර්තන අධ්‍යයන රටාවන්ගෙන් මිදීම සඳහා නොපසුබට උත්සාහය අවශ්‍ය වේ. වැරදිවලින් ඉගෙන ගනිමින් වැරදි නිවැරදි කර ගත යුතු ය.


IV. ධෛර්යය

හුරුපුරුදු, සුවපහසු විෂය කොටස්වල ම රැඳී සිටින බව දැනෙන විට අලුත විෂය කොටස් ඉගෙන ගැනීමට සිත යොමු කළ යුතු ය. නව ගැටළුවලට පිළිතුරු ලිවිය යුතු ය. එසේ ම අපගේ ඉලක්ක වෙත ගමන් කිරීමට උපකාර නො වන අප ව ඉලක්කයෙන් ඉවත යොමු කරන පුද්ගලයින් අපේ ආශ්‍රයෙන් ඈත් කළ යුතු ය. මේ සඳහා ඔබට ධෛර්යවන්ත ව කටයුතු කිරීමට සිදු වේ.


නිගමනය :

අවසාන වශයෙන්, ඇල්බට් අයින්ස්ටයින්ගේ ප්‍රසිද්ධ උපුටා ගැනීමක් තරඟකාරි විභාග සඳහා සූදානම් වන අපේක්ෂකියින්ට වැදගත් පාඩමක් සපයයි. එකම අධ්‍යයන උපක්‍රම නැවත නැවත භාවිතා කරමින් විවිධ ප්‍රතිඵල අපේක්ෂා කිරීම ඇත්තෙන්ම ශාස්ත්‍රීය "උමතුකමේ" ස්වරූපයික. මෙම රටා පිටුපස ඇති මනෝවිද්‍යාව අවබෝධ කර ගැනීමෙන්, නව්‍ය අධ්‍යයන ශිල්පීය ක්‍රම වැලඳ ගැනීමෙන් සහ පවතින තත්ත්වයට අභියෝග කිරීමෙන් අපේක්ෂකයින්ට සාර්ථකත්වයට මග පාදා ගත හැකි ය.


About

Let’s make great things together!

Mr. Amila Senadeera is a graduate from University of Peradeniya, Faculty of Engineering. As he was interested in teaching, he choose to teach chemistry as a Pioneer of Chemistry, Henry Louis Le Châtelier. At the moment he is a professional chemistry lecturer. Meantime he writes books for Advanced Level students in Sri Lanka.

His most recent project is AMILAGuru YouTube channel. This is one project in that channel which provides answers to Chemistry past paper questions.