පරමාණුක ව්‍යුහය I-කොටස (Atomic Structure Part-I)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

cover image of පරමාණුක ව්‍යුහය I-කොටස (Atomic Structure Part-I)
Description

අවකාශයේ ඉඩක් ගන්නා දෙයක් පදාර්ථය ලෙස හැඳින්වේ. පදාර්ථය සංශුද්ධ පදාර්ථ සහ සංශුද්ධ පදාර්ථ ලෙස වර්ග කෙරේ.

  • සංශුද්ධ පදාර්ථ
    • මූලද්‍රව්‍ය
    • සංයෝග
  • අසංශුද්ධ පදාර්ථ (මිශ්‍රණ)

මිශ්‍රණයක ඇත්තේ මූලද්‍රව්‍ය හෝ සංයෝග හෝ කිහිපයකි. සංයෝගයක් යනු නිශ්චිත අනුපාතයකින් මූලද්‍රව්‍ය සංයෝජනය වීමෙන් සෑදෙන දෙයකි. ඒ අනුව අපිට පැහැදිලි වන්නේ පදාර්ථය මූලද්‍රව්‍යවලින් සෑදී ඇති බවයි.

යම් මූලද්‍රව්‍යයක ගුණ පෙන්වන කුඩාම අංශුව පරමාණුව ලෙස හැඳින්වේ. පරමාණුක ව්‍යුහය පාඩමේ දී අධ්‍යයනය කරන්නේ පරමාණුව සෑදී ඇති ආකාරය පිළිබඳවයි. ජේ. ජේ. තොම්සන්, අර්නස්ට් රදර්ෆර්ඩ්, නීල්ස් බෝර් වැනි විද්‍යාඥයින් ඉදිරිපත් කළ අදහස් අනුව පරමාණුක ආකෘතිය සෛද්ධාන්තික ව සංවර්ධනය වූ අයුරු මෙම පාඩමේ දී අධ්‍යයනයට ලක් කෙරේ.

බන්ධන සහ ව්‍යුහය, අකාබනික රසායනය, කාබනික රසායනය වැනි ඒකක අධ්‍යයනය කිරීමේ දී පරමාණුක ව්‍යුහය පාඩමේ දී අධ්‍යයනය කරන සිද්ධාන්ත වැදගත් වේ.

Content
  • පදාර්ථය හැඳින්වීම
  • රසායන විද්‍යාවේ මූලික නියම
  • ඩෝල්ටන්ගේ පරමාණුක වාදය
  • විද්‍යුතයේ පරමාණුක ස්වභාවය
  • කැතෝඩ කිරණ
  • ධන කිරණ සහ ඇනෝඩ කිරණ
  • විකිරණශිලිතාව
  • පරමාණුව සඳහා ආකෘති
  • සමස්ථානික සහ නියුක්ලයිඩ
  • සාපේක්ෂ පරමාණුක ස්කන්ධය
  • සාපේක්ෂ අණුක ස්කන්ධය
  • ඩී බ්‍රෝග්ලී තරංග ආයාමය
  • අංශු-තරංග ද්විතය
1. විද්‍යාව සහ රසායන විද්‍යාව

විද්‍යාව යනු කුමක් දැයි පැහැදිලි කර රසායන විද්‍යාව යනු කුමක් දැයි පැහැදිලි කර දෙයි

Start Learning