රසායනික ගණනය කිරීම් (Chemical calculations) Part-I

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

cover image of රසායනික ගණනය කිරීම් (Chemical calculations) Part-I
Description

අ.පො.ස. (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ 3 වන ඒකකය රසායනික ගණනයයි. එම පාඩමේ දී සංකීර්ණ රසායනික ගණනය කිරීම් සිදු කිරීම සඳහා අව්‍ශ්‍ය වන මූලික සිද්ධාන්ත සහ සංකල්ප ඉගෙන ගැනිම සිදු කෙරේ.

රසායනික ගණනය ඒකකයේ දී ඔබ ඉගෙන ගන්නා සිද්ධාන්ත සහ සංකල්ප පහත දැක්වෙන ඒකකවල විෂය කරුණු අධ්‍යයනය කිරීමේ දී සහ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ දී වැදගත් වේ.

  1. පදාර්ථයේ වායු අවස්ථාව
  2. ශක්ති විද්‍යාව
  3. චාලක රසායනය
  4. රසායනික සමතුලිතතාව
  5. ද්‍රාව්‍යතා ගුණිතය
  6. අම්ල-භෂ්ම සමතුලිතතාව
  7. කලාප සමතුලිතතාව
  8. විද්‍යුත් රසායනය

මේ අනුව රසායන විද්‍යාව ඉගෙනීමේ දී සහ උසස් පෙළ විභාගයට පිළිතුරු ලියා වඩා ඉහළ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා රසායනික ගණනය ඒකකයට අදාළ සිද්ධාන්ත සහ සංකල්ප නිවැරදි ව ඉගෙනීමේ වැදගත් කම ඔබට අවබෝධ වන්නට ඇත.

රසායනික ගණන එකකයේ සිද්ධාන්ත සහ සංකල්ප Master Class දෙකක් වශයෙන් ඉදිරිපත් කර ඇත. මේ ඉන් පළමු වන Master Class එකයි. මෙම Master Class එකේ සිද්ධාන්ත හොඳින් අධ්‍යයන කර දෙ වන Master Class එකට ද සහභාගී වීමෙන් රසායනික ගණනය ඒකකයට අදාළ සම්පූර්ණ සිද්ධාන්ත සහ සංකල්ප ඉගෙන ගැනිමට හැකි වනු ඇත.

රසායනික ගණනය කිරීම් දෙ වන Master Class එකට ද සහභාගී වීමට -> click කරන්න.

Content
  • මූලද්‍රව්‍ය සඳහා භාවිත වන සංකේත
  • අයනික සහ සහ-සංයුජ සංයෝගවල සූත්‍ර ලිවීම
  • මවුලය
  • මවුලික ස්කන්ධය
  • මවුලික පරිමාව
  • මවුලික ආරෝපණය
  • මවුලික සාන්ද්‍රණය
  • ද්‍රාවණවල සංයුති ප්‍රකාශ කරන වෙනත් ආකාර
  • සාන්ද්‍ර ද්‍රාවණ
  • ද්‍රාවණ තනුක කිරීම
1. මූලද්‍රව්‍ය සඳහා රසායනික සංකේත
cover of මූලද්‍රව්‍ය සඳහා රසායනික සංකේත

මූලද්‍රව්‍ය සඳහා රසායනික සංකේත භාවිතයේ වැදගත්කම, මූලද්‍රව්‍ය සඳහා රසායනික සංකේත භාවිතයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් සහ මූලද්‍රව්‍ය සඳහා වර්තමානයේ භාවිත වන රසායනික සංකේත හඳුන්වා දීම සිදු කෙරේ.

Start Learning