ශක්ති විද්‍යාව (Energetic) Part-II

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

cover image of ශක්ති විද්‍යාව (Energetic) Part-II
Description

ශක්ති විද්‍යාව පළමු වන Master Class එකේ දී අපි එන්තැල්පි විපර්යාසය පරීක්ෂණාත්මක ව සහ සෛද්ධාන්තික ව නිර්ණය කරන ආකාරය ඉගෙන ගත්තේමු. එසේ ම විවිධ ප්‍රතික්‍රියා සම්බන්ධ සම්මත එන්තැල්පි විපර්යාස අර්ථ දැක්වීමෙන් පසු ගණනය කිරීම් සිදු කරන ආකාරය ද අධ්‍යයනය කරනු ලැබුවෙමු.

ශක්ති විද්‍යාව දෙ වන Master Class එකේ දී අම්ල-භස්ම සමබන්ධ එන්තැල්පි විපර්යාස, බන්ධන විඝටනයට අදාළ එන්තැල්පි විපර්යාස, අවස්ථා විපර්යාසයලට එන්තැල්පි විපර්යාස සහ බෝන්-හේබර් චක්‍ර පිළිබඳ ව අධ්‍යයනය කරනු ලැබේ. එන්ට්‍රොපිය යනු කුමක් දැයි පැහැදිලි කර ස්වයං සිද්ධාතාව කෙරෙහි එන්තැල්පි විපර්යාසය සහ එන්ට්‍රොපි විපර්යාසය බලපාන අයුරු පැහැදිලි කර දීමෙන් පසු ගිබ්ස් ශක්ති වෙනස අර්ථ දක්වනු ලැබේ. ගිබ්ස් ශක්ති වෙනස ප්‍රතික්‍රියාවන ස්වයං සිද්ධතාව නිර්ණය සඳහා උපයෝගි කර ගන්නා ආකාරය ඉන් පසු පැහැදිලි කර දෙනු ලැබේ.

ශක්ති විද්‍යාව Master Classවල දී ඉගෙන ගන්නා සිද්ධාන්ත චාලක රසායනය, රසායනික සමතුලිතතාව, විද්‍යුත් රසායනය සහ කාර්මික රසායනය යන පාඩම්වල දී වැගතත් වන නිසා මෙම පාඩමේ සිද්ධාන්ත කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම සුදුසු ය.

Content
  • අම්ලයක සම්මත උදාසීනිකරණ එන්තැල්පි විපර්යාසය
  • භස්මයක සම්මත උදාසීනිකරණ එන්තැල්පි විපර්යාසය
  • සම්මත (මවුලික) උදාසීනිකරණ එන්තැල්පි විපර්යාසය
  • දුබල අම්ලයක සම්මත විඝටන එන්තැල්පි විපර්යාසය
  • සම්මත බන්ධන විඝටන එන්තැල්පි විපර්යාසය
  • සම්මත මධ්‍යයන්‍ය බන්ධන විඝටන එන්තැල්පි විපර්යාසය
  • අවස්ථා විපර්යාසවලට අදාළ එන්තැල්පි විපර්යාස
  • සම්මත පරමාණුකරණ එන්තැල්පි විපර්යාසය
  •  අයනීකරණවලට අදාළ එන්තැල්පි විපර්යාස
  • ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම්වලට අදාළ එන්තැල්පි විපර්යාස
  • සම්මත දැලිස් එන්තැල්පි විපර්යාසය
  • බෝන්-හේබර් චක්‍ර
  • කල්පිතමය අයනික සංයෝග
  • සම්මත ද්‍රාවණ එන්තැල්පි විපර්යාසය
  • සම්මත ජලීකරණ එන්තැල්පි විපර්යාසය
  • සම්මත සද්‍රාවණ එන්තැල්පි විපර්යාසය
  • සංක්‍රමණ එන්තැල්පි විපර්යාසය
  • ප්‍රතික්‍රියාවක ස්වයංසිද්ධතාව
  •  එන්ට්‍රොපිය සහ එන්ට්‍රොපි විපර්යාසය
  • ගිබ්ස් ශක්ති වෙනස
1. අම්ලයක සම්මත උදාසීනිකරණ එන්තැල්පි විපර්යාසය
cover of අම්ලයක සම්මත උදාසීනිකරණ එන්තැල්පි විපර්යාසය

අම්ලයක සම්මත උදාසීනිකරණ එන්තැල්පි විපර්යාසය අර්ථ දැක්වීම සහ ප්‍රබල භස්ම හඳුන්වා දීම සිදු කෙරේ.

Start Learning