සජල සංයෝග සහ නිර්ජල සංයෝග පිළිබඳ අවබෝධය සහ ආනුභවික සූත්රය දන්නවා විට සාපේක්ෂ අණුක ස්කන්ධය උපයෝගී කර ගෙන අණුක සූත්රය නිර්ණය කරන ආකාරය පිළිබඳ අවබෝධය මෙම ප්රශ්නයෙන් පරික්ෂා කෙරේ.
Z නම් සංයෝගයක හයිඩ්රේටයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 272 වේ. නිර්ජලීය Z සංයෝගයේ ආනුභවික සූත්රය MCl2 වේ.(M-40, Cl-35.5, O-16, H-1)
- නිර්ජලීය Z නම් සංයෝගයේ අණුක සූත්රය කුමක් ද?
- Z සංයෝගයේ හයිඩ්රේටයේ ඇති Mවල ස්කන්ධය අනුව ප්රතිශතය ගණනය කරන්න.