පදාර්ථයේ වායු අවස්ථාව (Gaseous state of matter)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

cover image of පදාර්ථයේ වායු අවස්ථාව (Gaseous state of matter)
Description

අවකාශයේ ඉඩක් ගන්නා දෙයක් පදාර්ථය ලෙස හඳුන්වන බව අප ඉගෙන ගෙන ඇත. මෙම පාඩමේ දී පදාර්ථයේ වායුමය අවස්ථාව සම්බන්ධයෙන් විශේෂයෙන් කරුණු අධ්‍යයනය කෙරේ. පාඩම ආරම්භයේ දී පදාර්ථයේ එක් එක් අවස්ථාවේ ලක්ෂණ ද පදාර්ථයේ එක් එක් අවස්ථාවේ ව්‍යුහය ද පදාර්ථයේ එක් එක් අවස්ථාවේ ලක්ෂණ පැහැදිලි කරන ආකාරය ද අධ්‍යයනය කෙරේ

වායුමය අවස්ථාවේ විශේෂ හැසිරුම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් පසු වායු නියම පිළිබඳ ව කරුණු ඉගෙන ගනු ලැබේ. විශේෂයෙන් ම පරිපූර්ණ වායු සමීකරණය සහ පරිපූර්ණ වායු සමීකරණයේ විකල්ප ස්වරූප පිළිබඳ ව ද කරුණු අධ්‍්‍යයනය කෙරේ. පරිපූර්ණ වායුවක ව්‍යුහය විස්තර කෙරෙන චාලක අණුක වාද උපකල්පන හඳුන්වා දීමෙන් පසු තාත්ත්වික වායු පරිපුර්ණ හැසිරීමෙන් අපගමනය වීමට හේතු ද පැහදිලි කෙරේ

Content
  • පදාර්ථයේ එක් එක් අවස්ථා සතු ලක්ෂණ
  • පදාර්ථයේ එක් එක් අවස්ථාවේ ව්‍යුහය
  • පදාර්ථයේ එක් එක් අවස්ථාවේ ලක්ෂණ පැහැදිලි කිරීම
  • බොයිල් නියමය
  • චාල්ස් නියමය
  • සංයුක්ත වායු නියමය
  • ඇවගාඩ්‍රෝ නියමය
  • පරිපූර්ණ වායු නියමය
  • ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය
  • චාලක අණුක වාද සමීකරණය
  • තාත්ත්වික වායු පරිපූර්ණ හැසිරුමෙන් අපගමනය වීම
  • පරීක්ෂණාත්මක ව සම්මත උෂ්ණත්ව පීඩනයේ දී මවුලික පරිමාව නිර්ණය කිරීම
1. පදාර්ථයේ අවස්ථා සහ පදාර්ථයේ අවස්ථාවල ලක්ෂණ
cover of පදාර්ථයේ අවස්ථා සහ පදාර්ථයේ අවස්ථාවල ලක්ෂණ

පදාර්ථයේ අවස්ථා හඳුන්වා දී එක් එක් අවස්ථාවේ ලක්ෂණ පැහැදිලි කර දීම සිදු කෙරේ

Start Learning