පදාර්ථයේ වායු අවස්ථාව (Gaseous state of matter)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

# නිපුණතා මට්ටම විෂය අන්තර්ගතය
4.1 පදාර්ථයේ ප්‍රධාන ත්‍රිවිධ අවස්ථාවල දර්ශීය ලක්ෂණ පැහැදිලි කරනු පිණිස ඒවායේ අංශුමය සංවිධානය යොදා ගනියි.
  • පදාර්ථයේ ප්‍රධාන අවස්ථා
  • අංශුවල සැකැස්ම සහ අංශුවල චලනය
  • පදාර්ථයේ ගුණ ගුණාත්මක ව සංසන්දනය කිරීම
4.2 සත්‍ය වායුවල හැසිරීම් රටා විස්තර කිරීම සඳහා ආකෘතියක් ලෙස පරිපූර්ණ වායුව යොදා ගනියි.
  • පරිපූර්ණ වායුව හැඳින්වීම.
  • පරිපූර්ණ වායු සමීකරණය සහ එහි ව්‍යුත්පන්න
  • බොයිල් නියමය, චාල්ස් නියමය සහ ඇවගාඩ්‍රෝ නියමය
  • පරිපූර්ණ වායු සමීකරණය සමඟ බොයිල්, චාල්ස් සහ ඇවගාඩ්‍රෝ නියමවල සංගතතාව
  • වායුවක මවුලික පරිමාව පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම
  • මැග්නීසියම්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම
4.3 වායුවල හැසිරීම විස්තර කිරීමට චාලක අණුක වාදය යොදා ගනියි.
  • වායු පිළිබඳ අණුක චාලක වාදය
  • වායුවක පීඩනය
  • මධ්‍යනය වේගය, වර්ග මධ්‍යයනය වේගය සහ වර්ග මධ්‍යන්‍ය මූල වේගය සඳහා ප්‍රකාශන
  • චාලක අණුක වාද සමීකරණය
  • මැක්ස්වෙල්-බෝල්ට්ස්මාන් වේග ව්‍යාප්තිය
  • උෂ්ණත්වය සමග සහ මවුලික ස්කන්ධය සමග අණුක වේග ව්‍යාප්තිය වෙනස් වීම
4.4 වායු මිශ්‍රණයක හැසිරීම පැහැදිලි කිරීම සඳහා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය යොදා ගනියි.
  • මුළු පීඩනය සහ ආංශික පීඩනය
  • ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය
4.5 සත්‍ය (තාත්ත්වික) වායු සඳහා පරිපූර්ණ වායු සමීකරණය යෙදීමේ දී කළ යුතු සංශෝධන විශ්ලේෂණය කරයි.
  • සම්පීඩ්‍යතා සාධකය
  • සත්‍ය වායු, පරිපූර්ණ වායු නියමයෙන් අපගමනය වීම
  • පරිපූර්ණ වායු සමීකරණය සඳහා සංශෝධන
  • අවධි උෂ්ණත්වය
1. පදාර්ථයේ අවස්ථා සහ පදාර්ථයේ අවස්ථාවල ලක්ෂණ
cover of පදාර්ථයේ අවස්ථා සහ පදාර්ථයේ අවස්ථාවල ලක්ෂණ

පදාර්ථයේ අවස්ථා හඳුන්වා දී එක් එක් අවස්ථාවේ ලක්ෂණ පැහැදිලි කර දීම සිදු කෙරේ

Start Learning