බන්ධන සහ ව්‍යුහය (Bonding & Structure)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

# නිපුණතා මට්ටම විෂය අන්තර්ගතය
2.1 පදාර්ථයේ ව්‍යුහය සහ ගුණ තීරණය කිරීමේ ආධාරක ලෙස බහු-පරමාණුක පද්ධතිවල ප්‍රාථමික අන්තර් ක්‍රියා විග්‍රහ කරයි.
  • රසායනික බන්ධන සෑදීම සඳහා සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන සහභාගි වන බව අවබෝධ කර ගැනීමට රසායනික බන්ධන විමර්ශනය කරයි.
  • ඉලෙක්ට්‍රෝන හවුල් කර ගනිමින් සහසංයුජ බන්ධන සෑදීම පැහැදිලි කරයි.
  • තනි බන්ධන සහ බහු බන්ධන හඳුන්වා දෙයි.
  • ලුවිස් ව්‍යූහ ඇඳීමේ දී භාවිත වන නීති පැහැදිලි කරයි.
  • සහසංයුජ අණු සහ අයන කාණ්ඩ සඳහා ලුවිස් ව්‍යූහ අඳියි.
  • බන්ධනයට සහභාගි වන පරමාණුවල විද්‍යුත්-සෘණතා වෙනස අනුව බන්ධන නිර්ධ්‍රැවීය සහසංයුජ බන්ධන, ධ්‍රැවීය සහසංයුජ බන්ධන සහ අයනික බන්ධන ලෙස සංසන්දනය කරයි.
  • සුදුසු නිදසුන් දෙමින් ධ්‍රැවීකරණය සහ ද්විධ්‍රැ ඝූර්ණය යන සංකල්ප ඇසුරෙන් ධ‍්‍රැවීය සහසංයුජ බන්ධනය සහ අණුවල ධ්‍රැවීයතාව විස්තර කරයි
  • සංගත / දායක බන්ධන සෑදීම පැහැදිලි කරයි.
  • අයනික බන්ධන සෑදීම පැහැදිලි කරයි.
  • අයනික දැලිස්වල ව්‍යූහය සහ භෞතික ලක්ෂණ සෝඩියම් ක්ලෝරයිඞ් නිදසුන් ලෙස ගනිමින් පැහැදිලි කරයි.
  • කැටායනයේ ධ්‍රැවිකරණ බලය සහ ඇනායනයේ ධ්‍රැවණශීලතාව පදනම් කර ගනිමින් අයනික බන්ධනයක සහසංයුජ ලක්ෂණය සුදුසු උදාහරණ ගනිමින් පැහැදිලි කරයි.
  • සංයෝගවල අයනික ලක්ෂණ සහ සහසංයුජ ලක්ෂණ සංසන්දනය කරයි.
  • ලෝහක බන්ධනයක ව්‍යූහය පැහැදිලි කරයි.
  • සහසංයුජ, අයනික සහ ලෝහක බන්ධන ප්‍රාථමික අන්තර්ක්‍රියා ලෙස සඳහන් කරයි.
2.2 සහ-සංයුජ සහ ධ‍්‍රැවීය සහ-සංයුජ අණුවල සහ සරල අයනවල හැඩ විග‍්‍රහ කරයි.
  • සම්මත නීති භාවිතයට ගනිමින්, සුලබ ව හමු වන උපරිම වශයෙන් පරමාණු 10කට සීමා වන සහසංයුජ අණුවල සහ අයනවල සම්ප්‍රයුක්ත ව්‍යූහ අඳියි.
  • සම්ප්‍රයුක්තතාව භාවිත කර ඕසෝන් අණුවේ සහ කාබනේට් අයනයේ බන්ධන දිගෙහි සමානත්වයට හේතු පැහැදිලි කරයි.
  • පරමාණුක කාක්ෂික අතිච්ඡුාදනය පැහැදිලි කරයි.
  • සුදුසු නිදසුන් භාවිතයෙන් මධ්‍යම පරමාණුවේ sp, sp2 සහ sp3 යන මුහුම්කරණ සිදු වන ආකාරය විස්තර කරයි.
  • s-s, s-p සහ p-p පරමාණුක කාක්‍ෂිකවල රේඛීය අතිච්ඡුාදනයෙන් σ බන්ධන සෑදෙන බව සඳහන් කරයි.
  • σ (සිග්මා) සහ π(පයි) බන්ධනවල ප්‍රබලතාව සංසන්දනය කරයි.
  • p-කාක්ෂික දෙකක් අතර පාර්ශ්වික අතිච්ඡාදනයෙන් π(පයි) බන්ධන සෑදෙන බව සඳහන් කරයි.
  • මුහුම් කාක්ෂික අතිච්ඡුාදනයෙන් සිග්මා බන්ධන සෑදීම විස්තර කරයි.
  • සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය (VSEPR) භාවිත කර අණුවල සහ අයනවල කේන්‍ද්‍රීය පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන යුගල් දිශානුගත වී ඇති ආකාරය (ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය) සහ ඒවායේ හැඩය (අණුක ජ්‍යාමිතිය) පුරෝකථනය කරයි.
  • විවිධ අණුවල බන්ධන කෝණ සසඳයි. (බන්ධන කෝණවල සැබෑ අගයන් පරීක්‍ෂා නො කෙරේ.)
  • හැඩ විදහා දැක්වීම සඳහා අණුවල ආකෘති තනයි.
  • මුහුම්කරණය, ඔක්සිකරණ අංකය සහ ආරෝපණය පදනම් කර ගෙන විද්‍යුත්-ඍණතාව විචලනය වන අයුරු විස්තර කරයි. (ගුණාත්මක ව පමණි.)
2.3 පදාර්ථයේ ව්‍යුහය සහ ගුණ නිර්ණය කිරීමේ ක‍්‍රමයක් ලෙස විවිධ පද්ධතිවල ද්විතීයික අන්තර් ක්‍රියා විශ්ලේෂණය කරයි.
  • සුදුසු නිදසුන් භාවිත කර ද්විතීයික අන්තර්ක්‍රියා ආකාර විස්තර කරයි.
  • ද්‍රව්‍යයක පවත්නා ද්විතීයික අන්තර්ක්‍රියාවල ස්වභාවය සහ එහි භෞතික ගුණ අතර සම්බන්ධතාව ඉස්මතු කර පෙන්වයි.
  • 15, 16 සහ 17 කාණ්ඩවල මූලද්‍රව්‍ය ද්‍රවාංක කෙරෙහි හයිඩ්‍රජන් බන්ධනවල බලපෑම පැහැදිලි කරයි.
  • ද්විතීයික අන්තර්ක්‍රියාවල වැදගත්කම සහ පදාර්ථයේ භෞතික අවස්ථා සඳහා එහි බලපෑම ප්‍රකාශ කරයි.
  • සුදුසු උදාහරණ මඟින් අණුක දැලිසක පිළියෙල වීම පැහැදිලි කරයි.
  • දැලිස් ව්‍යූහවල ලක්ෂණ පුරෝකථනය කරයි.
1. සංයුජතාව

සංයුජතාව අර්ථ දැක්වීමේ විවිධ ක්‍රම සහ එක් එක් කාණ්ඩයේ මුලද්‍රව්‍යවල සංයුජතා පැහැදිලි කර දෙයි.

Start Learning