පරිසර දූෂණය (Environmental pollution)

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

cover image of පරිසර දූෂණය (Environmental pollution)
Description

ස්වභාවික පරිසරයට ආගන්තුක ද්‍රව්‍ය එකතු වීම හෝ ස්වභාවික පරිසරයේ සමතුලිතතාව බිඳ වැටෙන ලෙස ස්වභාවික පරිසරයේ පවතින දැ එකතු වීම හෝ පරිසර දූෂණය ලෙස හැඳින්විය හැකි ය. පරිසර දුෂණය රසායනික ද්‍රව්‍ය මඟින් හෝ ශක්තිය ලෙස (ශබ්දය, තාපය, ආලෝකය) හෝ සිදු විය හැකි ය. මේ AMILAGuru Master Class එක පාඩම් 14කින් සමන්විත වන අතරරසානික කර්මාන්ත මඟින් සිදු වන පරිසර දුෂණය සම්බන්ධයෙන් අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා විෂය නිර්දේශයේ දක්වා ඇති සීමාවන්ට යටත් ව අධ්‍යයනය කෙරේ

Content
  • පෘථිවි පරිසර ගෝලය
  • පරිසර දූෂණය
  • අම්ල වැසි
  • හරිතාගාර ආචරණය
  •  ගෝලීය උණුසුම ඉහළ යෑම
  • ඕසෝන් වියන හායනය
  • ප්‍රකාශ රසායනික ධූමිකාව
  • ජල ගෝලය සහ ජල චක්‍රය
  • ජල තත්ත්ව පරාමිති
  •  කඨිනත්වය
  • ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය
  • ගොඩබිම දූෂණය
  • පරිසර දූෂණය අවම කිරීමේ 3R ක්‍රමය
1. පෘථිවි පරිසර ගෝලය
cover of පෘථිවි පරිසර ගෝලය

පෘථිවි පරිසර ගෝලය වායු ගොලය, ජල ගෝලය, ශීලා ගෝලය සහ ජෛව ගෝලය ලෙස කොටස්වලට බෙදන බවත් රසායන විද්‍යාවේ දී අවධානය යොමු කරන්නේ වායු ගොලය, ජල ගෝලය සහ ශීලා ගෝලය පිළිබඳ ව බව පැහැදිලි කර දෙයි. වායු ගෝලය මඟින් ඉටු කරන කාර්යයන් හඳුන්වා දීමෙන් පසු වායු ගෝලයේ ස්ථර හඳුන්වා දෙයි.

Start Learning