ශක්ති විද්‍යාව (Energetic) Part-I

AMILAGuru Master Classes

Freedom of Learning. Learn anywhere any time!

cover image of ශක්ති විද්‍යාව (Energetic) Part-I
Description

ශක්ති විද්‍යාව හැදෑරීමේ මූලික අරමුණ වන්නේ ප්‍රතික්‍රියාවක දී ඇති තත්ත්වයක් යටතේ දී ස්වයංසිද්ධතාව (ප්‍රතික්‍රියාව සිදු වේ ද? සිදු නො වේ ද?) යන්න සෛද්ධාන්තික ව පෙරැයීම සිදු කරන ආකාරය ඉගෙනීමයි. යම්කිසි නිෂ්පාදන ක්‍රියවලියක් සඳහා උපයෝගී කර ගැනීමට සුදුසු වන රසායනික ප්‍රතික්‍රියා තෝරා ගැනීමට එම ප්‍රතික්‍රියාව සුදුසු තත්ත්වයන් යටතේ දී ස්වයංසිද්ධ විය යුතු ය. ප්‍රතික්‍රියාවක ස්වයංසිද්ධතාව තීරණය කිරීමට එම ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය සහ එන්ට්‍රොපි විපර්යාසය දැන ගත යුතු ය.

ශක්ති විද්‍යාව පළමු වන Master Class එකේ දී පළමුවෙන් ම වැදගත් මූලික කරුණු හඳුන්වා දීමෙන් පසු එන්තැල්පි විපර්යාසය පරීක්ෂණාත්මක ව සහ සෛද්ධාන්තික ව නිර්ණය කරන ආකාරය උගන්වනු ලැබේ. එසේ ම විවිධ ප්‍රතික්‍රියා සම්බන්ධ සම්මත එන්තැල්පි විපර්යාස අර්ථ දැක්වීමෙන් පසු ගණනය කිරීම් සිදු කරන ආකාරය ද අධ්‍යයනය කරනු ලැබේ.

ශක්ති විද්‍යාව දෙ වන Master Class එකේ දී අම්ල-භස්ම සමබන්ධ එන්තැල්පි විපර්යාස, බන්ධන විඝටනයට අදාළ එන්තැල්පි විපර්යාස, අවස්ථා විපර්යාසයලට එන්තැල්පි විපර්යාස සහ බෝන්-හේබර් චක්‍ර පිළිබඳ ව අධ්‍යයනය කරනු ලැබේ. එන්ට්‍රොපිය යනු කුමක් දැයි පැහැදිලි කර ස්වයං සිද්ධාතාව කෙරෙහි එන්තැල්පි විපර්යාසය සහ එන්ට්‍රොපි විපර්යාසය බලපාන අයුරු පැහැදිලි කර දීමෙන් පසු ගිබ්ස් ශක්ති වෙනස අර්ථ දක්වනු ලැබේ. ගිබ්ස් ශක්ති වෙනස ප්‍රතික්‍රියාවන ස්වයං සිද්ධතාව නිර්ණය සඳහා උපයෝගි කර ගන්නා ආකාරය ඉන් පසු පැහැදිලි කර දෙනු ලැබේ.

ශක්ති විද්‍යාව Master Classවල දී ඉගෙන ගන්නා සිද්ධාන්ත චාලක රසායනය, රසායනික සමතුලිතතාව, විද්‍යුත් රසායනය සහ කාර්මික රසායනය යන පාඩම්වල දී වැගතත් වන නිසා මෙම පාඩමේ සිද්ධාන්ත කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම සුදුසු ය.

Content
  • කාර්යය සහ ශක්තිය
  • ශක්ති ප්‍රභේද
  • පද්ධතිය සහ පද්ධති වර්ග
  • පද්ධතියක අවස්ථාව
  • තාප දායක සහ තාප අවශෝෂක ක්‍රියා
  • තාප ධාරිතාව
  •  විශිෂ්ට තාප ධාරිතාව
  • එන්තැල්පිය සහ එන්තැල්පි විපර්යාසය
  • සම්මත තත්ත්ව
  • මූලද්‍රව්‍යවල ස්ථායී ම බහුරූපි ආකාර
  • ප්‍රතික්‍රියාවක දී සිදු වන එන්තැල්පි විපර්යාසය පරීක්ෂණාත්මක ව නිර්ණය කිරීම
  • සම්මත උත්පාදන එන්තැල්පි විපර්යාසය
  • සම්මත දහන එන්තැල්පි විපර්යාසය
  • ප්‍රතික්‍රියාවල එන්තැල්පි විපර්යාස ගණනය කිරීම
  • හේස්ගේ තාප සමාකලන නියමය
  • එන්තැල්පි රූපසටහන්
1. කාර්යය සහ ශක්තිය
cover of කාර්යය සහ ශක්තිය

කාර්යය යනු කුමක් දැ යි පැහැදිලි කර කාර්යය මනින SI ඒකකය හඳුන්වා දෙයි. ශක්තිය යනු කුමක් දැ යි පැහැදිලි කර දේ.

Start Learning