Chemical Calculations Guide with 100 MCQs & 200 Essay Questions + Explanations [සිංහල මාධ්‍යය]
රු600.00
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ තුන් වන නිපුණතා මට්ටමේ විෂය කරුණුවලට අදාළවන ලෙස සියලු ම ප්‍රශ්න සකස් කර ඇත.
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ රචනා මාදිලියේ ප්‍රශ්න 200ක් අඩංගු වේ.
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ බහුවරණ ප්‍රශ්න 100ක් අඩංගු වේ.
- සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමග සම්පූර්ණ පැහැදිලි කිරීමක් වැදගත් කරුණු සමග ඉදිරිපත් කර ඇත.
- මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
✔ Islandwide Delivery
✔ Trusted by A/L Chemistry Students
✔ Secure Checkout
Description
අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාවේ රසායනික ගණනය කිරීම්වල ප්‍රවීණයෙක් වීමට පරිශීලනය කළ යුතු ම පොත : AMILAGuru රසායනික ගණනය කිරීම් 300
රසායනික ගණනය කිරීම් ප්‍රගුණ කිරීම රසායන විද්‍යා විෂය සඳහා විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමේ තීරණාත්මක පියවරකි. එහෙත්, බොහෝ සිසුන්ට රසායනික ගණනය කිරීම් යනු බියකරු අත්දැකීමකි. රසායනික ගණනය කිරීම් අපහසු වීමට හේතු වන ප්‍රධාන හේතු වන්නේ වැදගත් සමීකරණ මතක නැති වීම, සංකල්ප අවබෝධ කර ගැනීමේ දුර්වලතා සහ ප්‍රමාණවත් පුහුණුවක් නො මැති වීමයි.
ඔබට රසායනික ගණනය කිරීම්වල වැදගත් සමීකරණ මතක නැති නම් සංකල්ප අවබෝධය දුර්වල නම් AMILAGuru රසායනික ගණනය කිරීම් Masterclassesවලට නො මිලේ සහභාගී වී පළමුවෙන් ම සංකල්ප අවබෝධය ලබා ගන්න.
AMILAGuru රසායනික ගණනය කිරීම් Masterclasses-I 👉 මෙතැනින් පිවිසෙන්න.
AMILAGuru රසායනික ගණනය කිරීම් Masterclasses-II 👉 මෙතැනින් පිවිසෙන්න.
දැන් ඔබ මේ පොත පරිශීලනය කිරීමට සුදුසු තත්ත්වයකට පත් වී සිටියි. පොත විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ රසායනික ගණනය කිරීම් ඔබට අභියෝගයක් නො වන තත්ත්වයට පත් කිරීම අරමුණු කර ගෙනයි.
AMILAGuru රසායනික ගණනය කිරීම් 300 පොතෙහි සුවිශේෂිත්වය :
- බහුවරණ ප්‍රශ්න 100 (MCQ): මෙම ප්‍රශ්න මඟින් සිසුන්ට ඔවුන්ගේ දැනුම පරීක්ෂා කිරීමට සහ වැඩිදුර අධ්‍යයනය අවශ්‍ය ක්ෂේත්‍ර හඳුනා ගැනීමට ඉඩ සලසයි. එසේ ම රසායනික ගණනය කිරීම් විෂය කොටසට අදාළ (අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ තුන් වන නිපුණතා මට්ටම) සියලු ම මාතෘකා ආවරණය කරන ලෙස ප්‍රශ්න මාළාව සකස් කර ඇත. සෑම ප්‍රශ්නයක්ම උසස් පෙළ විභාගවල විලාසය සහ දුෂ්කරතා මට්ටම පිළිබිඹු කිරීමට ප්‍රවේශමෙන් සකස් කර ඇත.
- රචනා-ආකාරයේ ප්‍රශ්න 200: මෙම ප්‍රශ්න රසායනික ගණනය කිරීම්වල දී යොදා ගත යුතු මූලධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධය ලබා දීමට විශේෂයෙන් සකස් කර ඇත. එම ප්‍රශ්න සිසුන්ට ඔවුන්ගේ ගැටළු විසඳීමේ කුසලතා වර්ධනය කර ගැනීමට උපකාර වන පරිදි ව්‍යුහගත කර ඇත.
- සවිස්තරාත්මක පිළිතුරු සහ පැහැදිලි කිරීම්: සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු පියවරෙන් පියවර ලබා ගන්නා ආකාරය දක්වා ඇත. ඉදිරිපත් කර ඇති අංග සම්පූර්ණ විවරණ මඟින් සිසුන්ට නිවැරදි පිළිතුරු ඉගෙන ගැනීමට පමණක් නොව ඒවා පිටුපස ඇති තර්කය ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. මේ අකාරයට උකහා ගන්නා කුසලතාවන් මඟින් උසස් පෙළ විභාගයේ දි ලැබෙන රසායනික ගණනය කිරීම ප්‍රශ්නවලට කෙටි කාලයකින් නිවැරදි පිළිතුරු ලිවීමට හැකි වනු ඇත.
- විෂය කරුණු ආවරණය: මෙම පොත සරල රසායනික රසායනික ගණනය කිරීම්වල සිට වඩා සංකීර්ණ රසායනික ගණනය කිරීම් දක්වා වන පුළුල් පරසායක ප්‍රශ්න අඩංගු වන ලෙස සකස් කර ඇත. එසේ ම රසායනික ගණනය කිරීම් විෂය කොටසට අදාළ සැම කරුණක් ම ආවරණය වන ලෙස සුපරික්ෂාකාරි ව සකස් කර ඇති නිසි සිසුන්ගේ විෂය කරුණු අවබෝධය පුළුල් ව පරීක්ෂා කෙරේ.
- විෂය පුනරීක්ෂණය: පොත අඛණ්ඩ පුහුණුව සහ පුනරීක්ෂණය සඳහා උපයෝගී කර ගත හැකි විශිෂ්ට මෙවලමකි. දිනපතා එක් ප්‍රශ්නයකට බැගින් පිළිතුරු ලියමින් ලියන ලද පිළිතුරුවල නිවැරදි බව තහවුරු කර ගැනීමෙන් ඔබට විෂය කරුණු දීර්ඝ කාලීන මතකයට යොමු කර ගත හැකි අතර සංකිර්ළු ගැටළු විසඳීමේ කුසලතාව වර්ධනය වනු ඇත.
AMILAGuru රසායනික ගණනය කිරීම් 300 පොත මිලදි ගත යුත්තේ ඇයි ?
- ඉලක්කගත ප්‍රශ්න: මෙම පොත අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා සිසුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති අතර, ඔවුන් සාමාන්‍යයෙන් වැඩිපුර ම අපහසුතාවට පත් වන විෂය කරුණු ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රශ්න සකස් කර ඇත. අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා විෂයට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ආකෘතිය සහ සංකීර්ණ බව සලකා ප්‍රශ්න සකස් කර ඇති නිසා අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සඳහා පුහුණුවක් මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් ලබා ගත හැකි ය.
- විශ්වාසය ගොඩනැගීම: සැබෑ විභාග ප්රශ්නවල ආකෘතිය සහ දුෂ්කරතා පිළිබිඹු කරන ප්‍රශ්න මාලාවට පිළිතුරු ලිවීමෙන් විභාග තත්වයන් යටතේ සාර්ථක ව පිළිතුරු ලිවීමට අවශ්‍ය විශ්වාසය ගොඩනැගීමට උපකාරී වේ.
- පැහැදිලි සහ සංක්ෂිප්ත ඉගෙනීම: පැහැදිලි විවරණ සහ පියවරෙන් පියවර මාර්ගෝපදේශනය නිසා වඩාත් අභියෝගාත්මක ප්‍රශ්නවලට පවා නිවැරදි ව පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කර දෙයි.
මෙම පොත ඕනෑම අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා ශිෂ්‍යයෙකුට ඉහළ ශ්‍රේණි ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන පොතකි. ඔබ අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා විෂය සඳහා සූදානම් වන රසායනික ගණනය කිරීම් පිළිබඳ ඔබේ අවබෝධය ගැඹුරු කිරීමට බලාපොරොත්තු වන ශිෂ්‍යයෙක් නම් මෙම පොත ඔබට සාර්ථක වීමට අවශ්‍ය වන සියලු ම මෙවලම් සපයයි.
Additional information
| Weight | 500 g |
|---|
![Chemical Calculations Guide with 100 MCQs & 200 Essay Questions + Explanations [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/chemical-calculations.webp)
![Chemical Calculations Guide with 100 MCQs & 200 Essay Questions + Explanations [සිංහල මාධ්‍යය] - Image 2](https://amila.guru/wp-content/uploads/1-4.webp)
![Chemical Calculations Guide with 100 MCQs & 200 Essay Questions + Explanations [සිංහල මාධ්‍යය] - Image 3](https://amila.guru/wp-content/uploads/4-4.webp)
![Chemical Calculations Guide with 100 MCQs & 200 Essay Questions + Explanations [සිංහල මාධ්‍යය] - Image 4](https://amila.guru/wp-content/uploads/3-4.webp)
![Chemical Calculations Guide with 100 MCQs & 200 Essay Questions + Explanations [සිංහල මාධ්‍යය] - Image 5](https://amila.guru/wp-content/uploads/2-4.webp)
![12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/post-1-powerpack-300x300.webp)

![පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය තුන් වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/2ndtermtest-300x300.webp)
![AMILAGuru Organic Chemistry - 125+ Questions of Trends (කාබනික රසායනය - ගුණ විචලන ප්‍රශ්න) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/organictrendsLarge-300x300.webp)
Reviews
There are no reviews yet.