පෙරහුරු ප්‍රශ්න පත්‍ර – 12 ශ්‍රේණිය තුන් වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]
රු450.00
12 වන ශ්‍රේණියේ තුන් වන වාරය වන විට අධ්‍යයනය කර අවසන් කර ඇති විෂය කොටස්වලින් විභාග මට්ටමේ ප්‍රශ්න අඩංගු ප්‍රශ්න පත්‍ර කට්ටල තුනකින් සමන්විත ය.
සෑම ප්‍රශ්න පත්‍ර කට්ටලයක ම.
- බහුවරණ ප්‍රශ්න පත්‍රය
- ව්‍යුහගත-රචනා ප්‍රශ්න පත්‍රය
- රචනා ප්‍රශ්න පත්‍රය අඩංගු ය.
සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සහ ලකුණු ලැබෙන ආකාරය (marking scheme) දක්වා ඇත.
මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය..
✔ Islandwide Delivery
✔ Trusted by A/L Chemistry Students
✔ Secure Checkout
Description
පෙරහුරු ප්‍රශ්න පත්‍ර – 12 ශ්‍රේණිය තුන් වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]
මෙම ප්‍රශ්න පත්‍ර පොත, 12 ශ්‍රේණියේ තුන් වන වාරය සම්පූර්ණ කර ඇති සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍ර කට්ටල තුනකින් සමන්විත වේ.
ප්‍රශ්න පත්‍ර කට්ටලයක සංයුතිය
- රසායන විද්‍යාව I-කොටස : බහුවරණ ප්‍රශ්න 30
බහුවරණ ප්‍රශ්න පත්‍රය, සත්‍ය විභාග ප්‍රශ්නවල ආකෘතිය සහ දුෂ්කරතා මට්ටමට ගැළපෙන ලෙස සුපරික්ෂාකාරි ව සැකසූ බහුවරණ ප්‍රශ්න අඩංගු කර ඇත. මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් සත්‍ය වශයෙන් ම අ.පො.ස. උසස් පෙළ විභාගයේ දී ඔබට ඇති වන මානසික තත්ත්වය ඇති කරවන නිසා මේ පුහුණුව ඔබේ විභාග ජයග්‍රහණයට ඉතා වැදගත් වනු ඇත. සෑම ප්‍රශ්නයකටම අපේක්ෂිත පිළිතුර සහ පිළිතුර ලබා ගන්නා ආකාරය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර ඇත. - රසායන විද්‍යාව II-කොටස : ව්‍යුහගත රචනා ප්‍රශ්න දෙකක් (A-කොටස) සහ රචනා ප්‍රශ්න තුනක් (B කොටස)
ව්‍යුහගත-රචනා පුශ්න, 12 ශ්‍රේණියේ තුන් වන වාරය අවසන් වන විට අධ්‍යයනය කරන ලද විෂය කරුණුවල විවිධ පැතිකඩ ආවරණය වන ලෙස සකස් කර ඇත. මෙම ප්‍රශ්නවලින් ඔබේ දැනුම තාර්කික ව සහ සංගත ව සංවිධානය කිරීමට සහ ඉදිරිපත් කිරීමට ඇති හැකියාව තක්සේරු කරයි.
රචනා ප්‍රශ්න පත්‍රය, අ.පො.ස. උසස් පෙළ විභාගයේ දී ලැබෙන ප්‍රශ්නවල ආකෘතියට අනුගත වන ප්‍රශ්නවලින් සමන්විත ය. එම ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් ඔබට විෂය කරුණු අවබෝධය සහ විවේචනාත්මක චින්තන කුසලතා ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබේ.
ව්‍යුහගත-රචනා පුශ්න සහ රචනා ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුර සහ ලකුණු ලබා දීමේ පටිපාටියක් ද ලබා දී ඇත. ඒ අනුව ඔබේ පිළිතුරුවල නිවැරදි බව තහවුරු කර ගත හැකි වන අතර ම ඔබට ලැබෙන ලකුණු ප්‍රමාණය ද තීරණය කර ගත හැකි ය.
නියමිත කාල සීමාව තුළ මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට පුරුදු වීමෙන්, ඔබට විභාග සූදානම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකි අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස්) විභාගය සඳහා ඔබගේ විශ්වාසය ඉහළ නැංවිය හැකි ය. මීට අමතරව, මෙම පොත විශිෂ්ට ස්වයං අධ්යයන පොතක් ලෙස හඳුන්වා දිය හැකි ය. සියලුම පිළිතුරු සඳහා සම්පූර්ණ පැහැදිලි කිරීම් ඇතුළත් කර ඇති නිසා ඔබට ස්වාධීන ව ඔබේ කාර්ය සාධනය තක්සේරු කිරීමට සහ විෂයයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට ඉඩ සැලසේ.
සිසුන්ට උපදෙස්
- ප‍්‍රශ්න පත‍්‍රවලින් කැමති ප‍්‍රශ්න පත‍්‍රයක් තෝරා ගන්න.
- බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රයට පැයක් ඇතුළත පිළිතුරු ලියා නිම කරන්න. බහුවරණ ප‍්‍රශ්නයකට විනාඩි 2ක් ඇතුළත පිළිතුරු ලියා නිම කිරීමට උත්සහ කරන්න. ගණනය කිරීම් ඇතුළත් ප‍්‍රශ්නයකට උපරිම වශයෙන් විනාඩි 6කට වඩා පිළිතුරු ලිවීමට කාලය නො ගන්න.
- ව්‍යුහගත-රචනා සහ රචනා ප‍්‍රශ්න පත‍්‍රයට පැය ෙෙදෙකක් ඇතුළත පිළිතුරු ලියා නිම කරන්න. ව්‍යුහගත-රචනා ප‍්‍රශ්නයකට නියමිත කාලය විනාඩි 15 ක් වන අතර රචනා ප‍්‍රශ්නයකට නියමිත කාලය විනාඩි 30 ක් වේ.
සැලකිය යුතු ය:එක් එක් ප‍්‍රශ්නයට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සහ කිරීමෙන් වාර පරීක්ෂණයේ දී කාලය නිසි පරිදි කළමණාකරණයෙන් පිළිතුරු ලිවීමට පුහුණුවක් ලැබෙනු ඇත.
- පිළිතුරු ලිවීමෙන් පසු ඔබේ පිළිතුර ලකුණු දීමේ පටිපාටිය සමග ගලපමින් ලකුණු යොදන්න. ඔබේ දැනුම් මට්ටම පිළිබඳ ව තක්සේරුවක් ලබා ගන්න.
එක් ප‍්‍රශ්න පත‍්‍රයක් සඳහා සමස්ථ ලුකුණු ප‍්‍රමාණය ප‍්‍රතිශතයක් (සියයට) ලෙස ගණනය කර ගැනීම සඳහා පහත දැක්වෙන ප‍්‍රකාශය උපයෝගි කර ගන්න.
සමස්ථ ලකුණු ප‍්‍රමාණයුං = x × 50/30 + y 50/650
x : I – කොටසේ ලකුණු ගණන (බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රයේ නිවැරදි පිළිතුරු ගණන)
y : II – කොටසේ ලකුණු එකතුව - ඔබට ලකුණු අහිමි වී ගිය හෝ ලකුණු අඩු වූ විෂය කොටස් ඔබේ සිද්ධාන්ත සටහන භාවිතයෙන් නැවත අධ්‍යයනය කරන්න.
- දැන් වෙනත් ප‍්‍රශ්න පත‍්‍රයකට ඉහත උපදෙස් අනුව පිළිතුරු ලියන්න.
වාර පරීක්ෂණයට පළමුවෙන් මෙම ප‍්‍රශ්න පත‍්‍රවලට පිළිතුරු ලියා නිම කරන්න.
ඔබට ජය!
Additional information
| Weight | 235 g |
|---|
![පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය තුන් වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/2ndtermtest.webp)
![පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය තුන් වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය] - Image 2](https://amila.guru/wp-content/uploads/1-3.webp)
![පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය තුන් වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය] - Image 3](https://amila.guru/wp-content/uploads/2-3.webp)
![පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය තුන් වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය] - Image 4](https://amila.guru/wp-content/uploads/3-3.webp)
![පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය තුන් වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය] - Image 5](https://amila.guru/wp-content/uploads/4-3.webp)
![පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය තුන් වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය] - Image 6](https://amila.guru/wp-content/uploads/5-2.webp)
![පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය තුන් වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය] - Image 7](https://amila.guru/wp-content/uploads/6.webp)
![AMILAGuru Organic Chemistry : Analysis of organic compounds (කාබනික රසායනය : කාබනික සංයෝග විශ්ලේෂණය) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/OrganicaLarge-300x300.webp)
![AMILAGuru Organic Chemistry - 125+ Questions of Trends (කාබනික රසායනය - ගුණ විචලන ප්රශ්න) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/organictrendsLarge-300x300.webp)
![AMILAGuru Atomic structure and chemical Bonding - workbook (පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන - වැඩපොත) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/1Large-300x300.webp)
![AMILAGuru Inorganic Chemistry - 50 Essay Questions (අකාබනික රසායනය - රචනා ප්රශ්න 50) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/cover-300x300.webp)
Reviews
There are no reviews yet.